තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්වී අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර හමුව තිබෙනවා.
ඒ හුංගම, කළමැටිය, ධීවර වරායට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී.
මෙම මළ සිරුර සොයාගෙන තිබුණේ ධීවරයින් පිරිසකට නිරීක්ෂණය වීමෙන් පසුවයි.
තංගල්ල, දංකැටිය, සුසානභුමිය පාරේ පදිංචිව සිටි තිදරු පියෙකු වූ චමින්ද රුවන් නැමැත්තකුගේ සිරුරයි මෙසේ හමුව තිබෙන්නේ.
තංගල්ල ධීවර වරායෙන් පසුගිය 27,දා රැකියාවට පිටත්ව ගිය මැක්සිම් පුතා ධීවර යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසුවයි මෙම පුද්ගලයා අතුරුදන් බවට වාර්තා වුණේ.
0 Comments