Hot Posts

6/recent/ticker-posts

T56 ගිනිඅවියක් සහ පතරොම් සමග අයෙකු අත්අඩංගුවට

ටී 56 ගිනිඅවියක් සහ පතරොම් 29ක් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) සවස් කාලයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

මේ අතර ඇතිමලේ පොලිස් වසමේ වරාකනත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ ඇතිමලේ වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) සවස් කාලයේ හලාවත පොලිස් වසමේ බංගදෙනිය ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර එම ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වූ බංගදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




Post a Comment

0 Comments