ගෙවී ගිය මේ සතිය ඔබට කොහොමද..? සුබ අසුබ පළ මිශ්‍ර වුණු මේ සතිය දැන් ක්‍රමයෙන් ගෙවී ගිහින් අවසන්..
ඒ වගේමයි ඔබත් අනිවාර්‍යයෙන්ම උදාවෙන සතිය සුබ කරගන්නත් කැමැත්තෙන් ඇති.. ඉතින් ඔබේ ග්‍රහ පිහිටීම අනුව මේ සතිය සැලසුම් විය යුතු ආකාරය ගැන කලින්ම දැනගන්න ඔබත් කැමතියිද..? එහෙනම් මේ ග්‍රහ පිහිටීම ඔබට වැදගත් වේවි..
මේෂ
- හිතවතුන්ගේ ප්‍රසාදය
වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමානුකූලව කරගෙන යන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
තරමක කලබලකාරී ගතිපැවැතුම් ඇති කරයි. හිතවතුන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි. වෙනදාට වඩා ආගම දහමට නැඹුරුව කටයුතු සිදුකරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාදවන ලකුණු පෙන්වයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන සතියකි.
- රැකියාව
ලැබීම් සහිත රැකියා මාර්ගවලට හේතු යෙදේ. එහෙත් වෙනදාට වඩා රැකියා කටයුතුවලට වෙහෙසීම් වැඩි කරයි. අලුත් රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක සතියකි. ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
- අධ්‍යාපනය
උනන්දුවෙන් උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න.
- සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. හදිසියේ ඇතිවන දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය කෙරෙහි ද සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා
වෘෂභ
- රැකියාවේ සුබාරංචියක්
වගකීම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවමතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.
- රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටු කරයි. අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට සුබදායකයි. කරගෙන යන රැකියාවට අමතර සුළු සුළු ලාභ හිමිකරන ස්වයං රැකියා මාර්ගවලටද යොමුවීමට ඉඩ ඇත.
- අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි සතියකි. වෙනදාට වඩා පොතපත කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකටද අවස්ථාව උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු උදෙසා අමතර මුදලක් වැයකිරීමට සිදුවෙයි.
- සෞඛ්‍යය
නිතර නිතර ඇතිවන සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම උගුර සම්බන්ධ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද සම්බන්ධවීමට සිදුවන සතියකි.
අය 06 වැය 05
ජය අංකය - 09
ජය වර්ණය - කහ
සුබ දවස - සිකුරාදා
මිථුන
- මංගල සීනු හැඬවෙන කලක්
පැවැති නිදහස සීමා කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා සතියකි. අසල්වාසීන් සමඟ පැවැති සිත් නොහොඳකමක් මඟහැරී යයි. අවිවාහකයන්ට සුබදායක සතියකි. ප්‍රමාද වූ විවාහ යෝජනාවක් සාර්ථක වන කාලයකි.
- රැකියාව
ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා ලාභ හිමිකරන කාලයකි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා කටයුතුවලට යොමුවීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ වගකීම් වැඩි කරන කාලයකි. රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි.
- අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි. වෙනදාට වඩා ඉගෙනීමේ කටයුතුවලට උනන්දුවක් දක්වයි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ අත් කරයි.
- සෞඛ්‍යය
පපුව, උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නිතර ආයුර්වේද ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. සෙම් රෝගයක් හේතුවෙන් ද පීඩා අත්කරන බවක් පෙනේ.
අය 06 වැය 04
ජය අංකය - 07
ජය වර්ණය - කොළ
සුබ දවස - බදාදා
කටක
- විදෙස් අධ්‍යාපනයට සැරසේ
වෙහෙසීම් බහුල සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවමතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදු කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. නීතිමය ගැටලුවකින් නිදහස උදා කරයි. විදෙස් ලැබීම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි.
- රැකියාව
රැකියාවේ උසස් නිලතල අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර රැකියාවේ කටයුතු හේතුවෙන් මානසික වෙහෙසීම් ඇති කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලින් අතමිට සරුකරන කාලයකි.
- අධ්‍යාපනය
නිතර පොත්පත් කියවීමට කැමැත්තක් දක්වන අතර, අලුත් පොත්පත් මිලදී ගැනීමට ද අවස්ථාව උදා කරයි. සෞන්දර්යාත්මක කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරයි.
- සෞඛ්‍යය
ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඖෂධ පාවිච්චියේදී මෙන්ම ආහාරපාන ගැනද සැලකිලිමත් විය යුතු සතියකි.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - සඳුදා
සිංහ
- විසිතුරු දේට ඇලුම් කරයි
පැවැති බාධා කීපයක් මඟහැරී යන සතියකි. සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7 යන භාවමතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. වෙනදාට වඩා යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නැති වූ දෙයක් නැවත හිමිකරන කාලයකි. පවුලට අලුත් සාමාජිකයකු එක්කරන බවක් පෙනේ. නිතර විසිතුරු දේට ඇල්මක් දක්වන කාලයකි. පැවැති ගැටලුකාරී බවක් මඟ හැරී යයි.
- රැකියාව
තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සුළු සුළු ස්වංරැකියා මාර්ගවලට ද යොමුවන කාලයකි.
- අධ්‍යාපනය
දැනුම බුද්ධිය වර්ධනය වන කාලයකි. නිතර අලුත් පොත්පත් මිලදී ගැනීමට මෙන්ම කියවීමට වෙහෙසෙයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ගුප්ත ශාස්ත්‍රීය ඉගෙනීමට පෙළඹෙන කාලයකි.
- සෞඛ්‍යය
ලේ විෂවීමක් හේතුවෙන් ඇතිවන සමේ රෝගයකින් පීඩාකාරී බවක් ඇති කරයි. වරින් වර හදිසි වැටීම් තැලීම්වලට ද ලක්වීමට ඉඩ ඇත. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.
අය 07 වැය 05
ජය අංකය - 06
ජය වර්ණය - කොළ
සුබ දවස -ඉරිදා
කන්‍යා
- ප්‍රභූ ඇසුරට යොමුවේ
එදිනෙදා කටයුතු පිළිවෙළකට කරගෙන යන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
අලුත් හිතවත්කම්වලට අවස්ථාව උදා කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු උදා කරයි. සමිති සමාගම්වල නිලතල දරන කාලයකි. වෙනදාට වඩා පින් දහම කටයුතුවලට නැඹුරුතාවයක් දක්වයි.
- රැකියාව
ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු සැලසේ. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. රැකියා ස්ථානයේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියකි.
- අධ්‍යාපනය
ගණිත, විද්‍යා අංශවලින් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන අයට තව තවත් උත්සහවන්ත විය යුතු කාලයකි. විවිධ භාෂා පිළිබඳ වැඩිදුර අධ්‍යයනයට යොමුවන බවක් පෙනේ. අතපසු වූ පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකියාව පවතී.
- සෞඛ්‍යය
හදිසි වැටීම් තැලීම්වලින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. චර්ම රෝග, අතේ පයේ වේදනාව වැනි රෝග වරින්වර මතුවීමට ඉඩ තිබේ. කාන්තා පාර්ශ්වයේ අය විශේෂයෙන් තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.
අය 06 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - රතු
සුබ දවස - සිකුරාදා
තුලා
- හදිසි ගනුදෙනුවක්
පැවැති අවිවේකී බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි. වෙනදාට වඩා ගෘහජීවිතයේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ වගකීමක් තමාපිට පැවැරීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. නිතර තම රූපය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. අසරණ කෙනකුට උපකාර කිරීමට අවස්ථාව උදා කරයි.
- රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. කරගෙන යන රැකියාවට අමතර සුළු සුළු ආදායම් හිමිකරන රැකියා මාර්ගවලට ඉඩ තිබේ. ව්‍යාපාර කටයුතුවලින් අමතර ලැබීම් හිමිකරන කාලයකි.
- අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීමට දුර පළාතකට පවා යාමට සිදුවන සතියකි. කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වය දරන කාලයකි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ.
- සෞඛ්‍යය
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නා සතියකි. එමෙන්ම වරින්වර හදිසි සෞඛ්‍යය පරීක්ෂණවලට ද භාජනය වීමට සිදුවෙයි.
අය 07 වැය 05
ජය අංකය - 02
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
වෘශ්චික
- විනෝදයට කැමැති සතියක්
විශේෂ ගමනක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවමතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
විනෝදයට කැමැති කාලයකි. විවාහක සහකරු සහකාරිය අතර පැවැති අසමඟිතා මඟහැරී යයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. හදිසි වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි. අලුත් ඥාති සබඳතාවයකට මඟ සැලසෙන බවක් පෙනේ. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියකි.
- රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩි කරයි. ගතසිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම බොහෝ දෙනා සම්බන්ධ කරගෙන සිදුකරන රැකියා මාර්ගවලට ද කටයුතු උදා කරයි. රජයට සම්බන්ධ රැකියා මාර්ගවලට යොමුවීමටද ඉඩ ඇත.
- අධ්‍යාපනය
පොත්පත් කියවීමට ආශාවක් දක්වයි. හොඳින් මතක තබා ගැනීමේ ශක්තිය ඇති කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන කාලයකි.
- සෞඛ්‍යය
ක්‍රීඩාවලින් ව්‍යායාම්වලින් හා නිසි ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂාකර ගන්නා කාලයකි. වරින් වර ඇති කරන හිසේ ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත්වන්න.
අය 06 වැය 05
ජය අංකය - 06
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා
ධනු
- උගත්කමින් ප්‍රයෝජන ගනී
යන එන තැන කැපී පෙනෙන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වීමට සිදුවිය හැකියි. අවිවාහකයන්ගේ බලාපොරොත්තුවක් බිඳ වැටේ. වගකීම් බහුල සතියකි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. උරුමහිමිකම් ගැටලුවක් විසඳා ගන්නා කාලයකි.
- රැකියාව
ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට යොමුවීමට ඉඩ ඇත. එමෙන්ම දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලද නියැළෙන කාලයකි. රැකියාවේ කටයුතු උදෙසා දුරබැහැර ප්‍රදේශයකට යාමට සිදුවෙයි.
- අධ්‍යාපනය
දැනුම බුද්ධිය වර්ධනය වන කාලයකි. ගණිත අංශයට දක්ෂතාවයක් දක්වයි. ඡ්‍යොතිෂ ගුප්ත විද්‍යාව වැනි විෂයයන් ස්වාධීනව ඉගෙන ගැනීමට හැකියාවක් පවතී.
- සෞඛ්‍යය
ගර්භාෂගත රෝග, සෙම් අමාරු, උගුරේ ආබාධ වරින් වර මතුවීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවෙයි. සීතල ආහාර ජලය සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කාලයකි. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි.
අය 07 වැය 06
ජය අංකය - 04
ජය වර්ණය - කහ
සුබ දවස - බදාදා
මකර
- අමතර ලැබීම් සහිතයි
උත්සාහවන්තව කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන සතියකි. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට කටයුතු උදා කරයි. අවිවාහකයන්ට සුබදායක කාලයක් වන අතර, පොරොන්දු ගිවිසුමක් සාර්ථකක වන බවක් පෙන්නුම් කරයි. පවුලේ අය සමඟ පී‍්‍රතිමත් ගමනකට සැලසුමක් ඇති කරයි. අමතර ලැබීම් සහිත සතියකි.
- රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ විවේකය අඩු කරයි. අමතර වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
- අධ්‍යාපනය
දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට ආශාවක් දක්වයි. එමෙන්ම ඥාන ශක්තිය බලවත් කාලයකි. උසස් අධ්‍යාපනයට පැවැති බාධාකාරී බවක් මඟහැරී යයි.
- සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරන සතියකි. නිතර නිතර ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උගුර සම්බන්ධ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙනදෙන සතියකි.
අය 08 වැය 07
ජය අංකය - 09
ජය වර්ණය - කොළ
සුබ දවස - බදාදා
කුම්භ
- වෙළෙඳාමට සුබයි
යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දේපළ ගැටලුවක් නිරවුල් කරගැනීමට අවස්ථාව උදා කරයි. දරුවකුගේ දියුණුවක් දැකිය හැකි කාලයකි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. බාහිර අලංකාරයට වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
- රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙනදාට වඩා උත්සාහවන්ත රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි හිමි කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති බවක් පෙනේ.
- අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන සතියකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. කණ්ඩායම් වැඩ සටහනකට නායකත්වයක් දරන කාලයකි.
- සෞඛ්‍යය
උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. සතිය මැද කාලයේ දී වරින් වර හටගන්නා අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. මේ සතිය තුළ කෑම බීම ගැනීමේ දී පරිස්සම් විය යුතු බවක් පෙනේ.
අය 07 වැය 06
ජය අංකය - 07
ජය වර්ණය - දම්
සුබ දවස - බදාදා
මීන
- ව්‍යාපාර ඇරඹීමට සුදුසු කාලයක්
යන එන ගමන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි.
- ගෘහජීවිතය
පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් ලබයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. අලුත් දැන හැදුණුම්කම්වලට කටයුතු උදාකරන සතියකි.
- රැකියාව
රැකියා ස්ථානයේ අය අතර තරමක පිළිගැනීමක් ඇති කරන කාලයකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි.
- අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත්ය. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පොත පත කියවීමට ආශාවක් දක්වයි. භාෂා ශාස්ත්‍රයට මෙන්ම සාහිත්‍ය අංශවලදට දක්ෂතාවයක් දක්වයි.
- සෞඛ්‍යය
සෙම් අමාරු, උගුර සම්බන්ධ ආබාධ වරින් වර මතුවීමට ඉඩ ඇත. හදිසි වෛද්‍ය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවෙයි. යටිබඩ කොන්ද ආශ්‍රිත ආබාධයකටද ඉඩකඩ ඇති සතියකි.
අය 07 වැය 05
ජය අංකය - 09
ජය වර්ණය - දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..
0 Comments